Wednesday, March 26, 2025

General line - 0115112241

දේශබන්දුට එරෙහි යෝජනාව කතානායකවරයාට

එන් ඒ ඩබ් නිරෝෂන්



බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව අද දහවල් කතානායකවරයා වෙත භාර දී තිබෙනවා.

ඒ, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින්.

එම යෝජනාව සඳහා මන්ත්‍රීවරුන් 115 දෙනෙකු අත්සන් තබා තිබෙනවා.

යෝජනාව භාරදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පදනම් කර ගනිමින් මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි.

මේ අතර දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ගෙන එන ඕනෑම යෝජනාවකට සිය පක්ෂය සහාය ලබා දෙන බවයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ.

ඔහු කියා සිටියේ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවයි.

වැඩතහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් 03 වනදා දක්වා ඉකුත් දා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.