2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවක වැටුප් සංශෝධන ඇතුළත් චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.
ඒ, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුවයි.
අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය ඊයේ දිනයේ නිකුත් කර තිබෙනවා.
2025 අයවැය යෝජනා අනුව රජයේ සේවකයෙකුගේ අවම මූලික වැටුප රුපියල් 15,750කින් ඉහළ නැංවනු ඇතියි.
එය 2027 වසර දක්වා අදියර තුනක් යටතේ මුලික වැටුපට එක් කිරීමට නියමිතයි.
ඒ අනුව රජයේ සේවකයෙකුගේ මූලික වැටුප මෙම වසරේදී අවම වශයෙන් රුපියල් 5,975කින් ඉහළ නැංවෙනු ඇති.
රාජ්‍ය සේවකයකුගේ වැටුපට මෙතෙක් එක් කර තිබූ රුපියල් 7,500ක දීමනාව ද අප්‍රෙල් මාසයේ සිට මූලික වැටුපට එක් කෙරෙනවා.
ඒ අනුව රුපියල් 24,250ක අවම මූලික වැටුපක් හිමි රජයේ සේවකයෙකුගේ වැටුප අප්‍රේල් මස සිට රුපියල් 5,975කින් වැඩි වීමට නියමිතයි.
වැටුප් වර්ධකයේ ඉතුරු ප්‍රමාණය 2026 සහ 2027 යන වසරවල ජනවාරි මාසවල අදියර දෙකකින් මූලික වැටුපට එක්කරනු ඇති.
මීට අනුරූපව රාජ්‍ය සේවක සෙසු වැටුප් තලවල මූලික වැටුප් වැඩිවීම ද සිදුවනවා.
2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවක වැටුප් සංශෝධන ඇතුළත් සම්පූර්ණ චක්‍රලේඛය නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.
2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය 1742897450-10-2025-s by nethsound on Scribd