වගාවන්ට හා මිනිස් ජීවිතවලට වන සතුන්ගෙන් සිදුවන බලපෑම්, දීර්ඝ කාලයක් තිස්සේ කතාබහට ලක් කෙරෙන මාතෘකාවක්. එහෙත් මේ දක්වා ඊට ස්ථිර විසඳුමක් ලැබී නැහැ.
ශ්‍රී ලංකා පාරිසරික වෘත්තීයවේදීන්ගේ ආයතනයේ විධායක කමිටු සාමාජික, වරලත් පරිසර වෘත්තීයවේදියෙකු වන ප්‍රසාද් ජයවීර මහතා පැවසුවේ වන සතුන්ගේ බලපෑම් හේතුවෙන් වගාවන්ට සහ මිනිස් ජීවිතවලට සිදුවන හානිය මේ වන විට ඉහළ ගොස් ඇති බවයි.
දීර්ඝ කාලයක් තිස්සේ පවතින මෙම ගැටළුවට තවමත් විසඳුමක් නැත්තේ ඇයි?
ශ්‍රී ලංකා පාරිසරික වෘත්තීයවේදීන්ගේ ආයතනයේ විධායක කමිටු සාමාජික, වරලත් පරිසර වෘත්තීයවේදියෙකු වන ප්‍රසාද් ජයවීර මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්.