Saturday, March 29, 2025

General line - 0115112241

එප්පාවල විහාරස්ථානයක හිමිනමකගේ ඝාතනය ගැන පුළුල් පරීක්ෂණ



එප්පාවල, කිරලෝගම ප්‍රදේශයේ අසපුවක් තුලදී තියුණු ආයුධකින් පහර දී භික්ෂූන් වහන්සේ නමක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 69ක් වූ කිරලෝගම ප්‍රදේශයේ පිහිටි අසපුවක වැඩ වාසය කළ භික්ෂුවක්.

ඝාතනය වූ හිමිනම බැහැදැකීමට පැමිණි පුද්ගලයෙකු හා වෙනත් විහාරස්ථානයක හිමිනමක් එම ඝාතනය දැක ඒ පිළිබඳ පොලිස් ස්ථානය දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඝාතනය වූ හිමිනමට ත්‍රිරෝද රථයක් හා රියදුරෙකු සිට ඇති බවත්, එම රියදුරු දැනට අසපුව තුළ නොමැති බවත් පොලීසිය විසින් සිදුකල විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ ත්‍රිරෝද රථ රියදුරු පිළිබඳ තොරතුරු මේ වන විටත් අනාවරණය වී නැහැ.

එම ඝාතනය සිදුකලේ කවුරුන් විසින් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවයි පොලීසිය පැවසුවේ.