Sunday, March 30, 2025

General line - 0115112241

මුදල් කොල්ලකෑමකට ඇල්ලූ පොලීසියේ දෙදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරයි

උදය කුමාර



පුද්ගලයකු පැහැරගෙන මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනූ ලැබූ වැලිකඩ පොලිස් ස්ථානයේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බව කෙසෙල්වත්ත පොලීසිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.  

ඒ, කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථවේදීයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් හතර දෙනා පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබා දුන්නා.

පොලිසිය සඳහන් කළේ මෙම සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.

ඒ අනුව අදාල පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියම කළා.

කෙසෙල්වත්ත පොලිස් වසම තුළදී පුද්ගලයෙකු පැහැරගෙන රුපියල් ලක්ෂ 16ක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් පිරිස කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.