මේ අතර මියන්මාරයේ ඇති වූ භූ කම්පනයෙන් පසු මියන්මාරයේ සහ තායිලන්තයේ බැංකොක් නුවර සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
මේ දක්වා එම රටවල්වල වෙසෙන ශ්‍රී ලාංකික පුරවැසියන් සම්බන්ධ කිසිදු අහිතකර සිදුවීමක් වාර්තා වී නොමැති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ.
එමෙන්ම හදිසි අවස්ථාවකදී තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට +66 812 49 80 11 හදිසි දුරකථන අංකයට සම්බන්ධ වන ලෙස උපදෙස් ලබා දී ඇති බවද විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.