සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සැඟවී සිටීමට සහාය වූ බවට සැකපිට පොලිස් කොස්තාපල්වරයෙක් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
ඉකුත් පෙබරවාරි 27 සිට මාර්තු 19 දක්වා කාලය තුළ දේශබන්දු තෙන්නකෝන් මහතාට සැඟවී සිටීමට සහය වීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ ආරක්ෂක අංශයට අනියුක්ත කොස්තාපල්වරයෙකු සහ තලවතුගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
]]අප්‍රේල් 03 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දේශබන්දු තෙන්නකෝන් මහතා මහනුවර දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටිනවා.