කෙසෙල්වත්ත පොලිස් වසමේදී පුද්ගලයෙකු පැහැරගෙන මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනූ ලැබූ සැකකරුවන් සිව් දෙනෙකු රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළේ සැකකරුවන් ලබන 01වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
එලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් අතර වැලිකඩ පොලිස් ස්ථානයේ කොස්තාපල්වරු දෙදෙනෙකුද වනවා.
සැකකරුවන් විසින් අදාළ පුද්ගලයා පැහැර ගෙන ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 16ක් මුදලක් කොල්ලකා තිබුණු බවයි පොලීසිය පැවසුවේ.