සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සැඟවී සිටීමට සහාය වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා සහ අනෙක් පුද්ගලයා ඇප මත මුදා හැර තිබෙනවා.
අදාළ පොලිස් කොස්තාපල්වරයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළා.
ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්.
එහිදී අධිකරණය නියෝග කළේ සැකකරු රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි.
රෝහල්ගතව ප්‍රතිකාර ලබන අනෙක් සැකකරු සම්බන්ධයෙන්ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර තිබෙනවා.
එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි.
ඒ අනුව සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදාහරින ලෙසට නියෝග කර තිබෙනවා.
එමෙන්ම සැකකරුවන් දෙදෙනාට අප්‍රේල් 03 වනදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කෙරුණා.
ඉකුත් පෙබරවාරි 27 සිට මාර්තු 19 දක්වා කාලය තුළ දේශබන්දු තෙන්නකෝන් මහතාට සැඟවී සිටීමට සහය වීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.