Tuesday, April 1, 2025

General line - 0115112241

ප්‍රබල භූ කම්පනයෙන් මියන්මාරයේ මිය ගිය ගණන දස දහස ඉක්මවා යා හැකි බවට පුරෝකතනයක්



මියන්මාරයට බලපෑ භූ කම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. 

එක්සත් ජනපද භූ විද්‍යා සේවයේ පුරෝකථනයන්ට අනුව මියන්මාරයේ මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවා යා හැකි බව සඳහන්.

සිදුවූ පාඩුව රටේ වාර්ෂික ආර්ථික නිෂ්පාදනයද ඉක්මවා යා හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් මාපකයේ 7යි දශම 7ක ප්‍රභල භූ කම්පනයක් ඇති වුණේ ඊයේ පස්වරුවේයි.

එහි ප්‍රභලත්වය තායිලන්තයේ බැංකොක් නුවරට ද දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ඊයේ සිට අද පෙරවරු කාලය දක්වා මියන්මාරයට පසු කම්පන තත්ත්ව 14කින් ද බලපෑම් එල්ල වී තිබෙනවා.

ඇති වූ මෙම තත්ත්වය හේතුවෙන් මියන්මාරයේ මිලියන ගණනක ජනතාවක් අවදානමට ලක්ව ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ වන විට අදාළ භූ කම්පනයෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ තුළ මිලියන 18කට වැඩි ජනතාවක් ජීවත් වනවා. භූ කම්පන තත්ත්වයෙන් මිලියනයකට අධික පිරිසක් ආපදාවට පත්ව ඇති බවත් විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් සඳහන්.