රටක් ලෙස ඉදිරියට යාම සදහා පළාත් පාලන මැතිවරණය ද තීරණාත්මක මැතිවරණයක් බව ආර්ථික විද්වතුන් පවසනවා.
එම මැතිවරණය මෙරට ආර්ථිකයට දැඩිව බද්ද වී තිබීම ඊට හේතුව බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.
එවන් පසුබිමක් තුළ පළාත් පාලන ආයතන සඳහා සුදුසු පුද්ගලයන් තෝරා පත් කර යැවීමට මහජනතාව කටයුතු කළ යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මේ අතර රජයේ වැඩපිළිවෙළ ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා ඊට සුදුසු පුද්ගලයන් පත් කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සුරංග සිල්වා මහතාද පෙන්වා දුන්නේ.