ඉතා කෙටි කලක් තුළ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින්.
මේ වන විට ප්‍රාදේශීය මට්ටමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මුදල් වෙන් කර ඇති අතර ඒ සඳහා සුදුසු දේශපාලන නායකත්වයක අවශ්‍යතාවක් පවතින බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී කියා සිටියේ.
වංචනිකයන්ට, දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම ජනතාවට පොරොන්දු වූ පරිදිම සිදු කරන බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා.