Tuesday, April 1, 2025

General line - 0115112241

 විශේෂඥ වෛද්‍යවරයෙකුට පහරදුන් සිද්ධියට පුද්ගලයෙකු අත්අඩංගුවට       



කෑගල්ල මහ රෝහල ඉදිරිපිටදී එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට තවත් පුද්ගලයෙකු විසින් පහරදිමක් සිදු කර තිබෙනවා.

පුද්ගලික ආරවුලක් මත එම පහරදීම සිදු කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

අදාළ පහරදීම සිදු කළ පුද්ගලයා කෑගල්ල පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වයස අවුරුදු 29ක් වන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

පහරදීමෙන් තුවාල ලැබූ වෛද්‍යවරයා මේ වන විට කෑගල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස 04 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.