Wednesday, April 2, 2025

General line - 0115112241

තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් අදියරේ



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා අප්‍රේල් මස 05 වන දිනට පෙර මුද්‍රණය කර අවසන් කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඒ සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් මේ වන විට කටයුතු කරන බවයි. 


මැතිවරණ කොමිසම විසින් ලබා දුන් ඇනවුම්වලට අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ සෙසු මුද්‍රණ කටයුතුද මේ වන විට අවසන් කර මැතිවරණ කොමිසමට භාර දී ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.