අමෙරිකාවේ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පිලිපීනයේ සංචාරයක නිරත වී තිබේ.
CNN පුවත් සේවය වාර්තා කරන පරිදි, ඉන්දු-පැසිෆික් කලාපයේ චීනයේ ආක්‍රමණශීලීත්වයට එරෙහිව මුහුණ දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා අමෙරිකාව පිලිපීනය සමඟ හමුදාමය හවුල්කාරිත්වය ශක්තිමත් කරන බව ඔහු එහිදී පවසා ඇත.
පිලිපීනයේ ආරක්ෂක ලේකම් ගිල්බට් ටියෝඩෝරෝ සමඟ පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී හෙග්සෙත් අවධාරණය කළේ මෙම ප්‍රයත්නයන් එක්සත් ජනපද-පිලිපීනයේ “යකඩ හවුලේ” ශක්තිය ඉස්මතු කරන බවයි.
විශේෂයෙන් කලාපය තුළ කොමියුනිස්ට් චීනයේ ආක්‍රමණශීලීත්වයට ප්‍රතිචාර වශයෙන් සහයෝගයෙන් ක්‍රියාකිරීමට ඔවුන් එකඟ වී තිබේ.
එමෙන්ම දෙරට අතර ඒකාබද්ධ පුහුණු අභ්‍යාස සඳහා වඩාත් දියුණු හමුදා උපකරණ යොදවන බව ද හෙග්සෙත් නිවේදනය කළේය.
ආසියාව තුළ චීනයෙන් එල්ල වන වැඩිම ආක්‍රමණශීලීත්වයට මුහුණ පා සිටින්නේ පිලිපීනයයි.
එම ප්‍රදේශය කෙරෙහි ඇති ස්වෛරීභාවය ප්‍රතික්ෂේප කරන ජාත්‍යන්තර තීන්දුවක් නොතකා, චීනය දකුනු චීන මුහුදේ වැඩි කොටසකට තම හිමිකම් බලාත්මක කිරීම අරමුනු කරයි.