බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
හම්බන්තොට, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක්ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ක පමණ තද වැසි ඇතිවිය හැකියි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්ද ඇතිවිය හැති බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.