Wednesday, April 2, 2025

General line - 0115112241

ගිනි අවියක් සමග බිබිල ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට



බිබිල පොලිස් වසමේ කිවුලපිටවත්ත ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරක් මත බිබිල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 26 හැවිරිදි බිබිල, අඹගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සම්බන්ධයෙන් බිබිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.