මතභේදාත්මක තායිවාන් සමුද්‍ර සන්ධියේදී තායිවාන නාවික හමුදාවේ නෞකාවක් සහ චීන ට්‍රෝලර් යාත්‍රාවක් ගැටීම පිළිබඳ චීනය සිදු කළ පැමිණිලි තායිවානයේ ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළේය.
එමෙන්ම ඔහු පවසා ඇත්තේ බලපෑම්වලට ලක් නොවී එම මුහුදු සීමාව තුළ අවශ්‍ය පරිදි තායිපේ හමුදා අභ්‍යාස අඛණ්ඩව සිදුකරන බවයි.
මෙම ක්‍රියා තායිවානයේ දුෂ්ඨ ප්‍රතිපත්තිය පෙන්නුම් කරන බව චීනය චෝදනා කර තිබේ.
කෙසේ වෙතත්, තායිවානය පවසන්නේ එවැනි කිසිවක් සිදු නොවූ බවයි.
"චීනයේ තායිවාන කටයුතු කාර්යාලය සෑම විටම මෙවැනි දේ කියයි.
මට කිව හැක්කේ අප විසින් සිදු කළ යුතු අභ්‍යාස අපි සිදු කරන බව පමණයි," තායිවාන ආරක්ෂක අමාත්‍ය වෙලින්ටන් කූ පාර්ලිමේන්තුව අසල මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.
චීන ධීවර යාත්‍රාව තායිවානයේ නාවික ක්‍රියාකාරකම් පිළිබඳව ඔත්තු බලන්නේ දැයි ඇසූ විට, වෙලින්ටන් කූ පැවසුවේ, එවැනි යාත්‍රාවකට හමුදාව කරන්නේ කුමක්ද යන්න පිළිබඳ කිසිදු ආකාරයක සවිස්තරාත්මක තොරතුරු ලබා ගැනීම කළ නොහැකි බවයි.
තායිවානයේ වෙරළාරක්ෂක භටයින් සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වමින් සිටින බව ද සඳහන්.