Wednesday, April 2, 2025

General line - 0115112241

ලෝක සංස්කෘතික උරුමයන් පිළිබද තරුණ සමුළුවට සහභාගී වූ මෙරට කණ්ඩායම යළි දිවයිනට

ටී කේ ජී කපිල



හයවන ලෝක සංස්කෘතික උරුමයන් පිළිබද තරුණ සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ පාසල් කණ්ඩායම් දෙක යළි දිවයිනට පැමිණ තිබෙනවා.

එම සමුළුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ එම කණ්ඩායම් මෙරට අනන්‍යතාව සහිත සංස්කෘතිකාංග ඉදිරිපත් කර ඇගැයීමට ලක් වුණා.

මෙම සමුළුව සංවිධාන කර තිබුණේ යුනෙස්කෝ සංවිධානය විසින්.

එය ග්‍රීසියේ ඇතැන්ස් නුවර ඉකුත් 26 වනදා සිට ඊයේ දිනය දක්වා ලෝකයේ රටවල් 14ක තරුණ සිසුන් 450කගේ පමණ සහභාගීත්වයෙන් පවත්වා තිබෙනවා.

මෙම සමුළුවට ලංකාව නියෝජනය කරමින් සහභාගි වී තිබුණේ ගාල්ල සංඝමිත්තා සහ නුගේගොඩ ලයිසියම් පාසල්වල යුනෙස්කෝ සමාජ නියෝජනය කරන සිසු සිසුවියන් පිරිසක්.

ඔවුන් විසින් ඉදිරිපත් කළ වෙස් නර්තනයන්, 18 සන්නිය, මොනර නැටුම් සහ ගැමි ගී ගායනා එම සමුළුවේදී එලෙස ඇගයීමට පාත්‍ර වී තිබෙනවා.