අමෙරිකානු ජනාධිපති ධූරය සඳහා තුන්වන වරටත් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් තමන් දරණ අදහස විහිලුවක් නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
ව්‍යවස්ථාමය බාධා පැවතියත් ඒ සඳහා කාලය පවතින බවයි අමෙරිකානු ජනාධිපතිවරයා සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත්තේ.
1951 වසරේදී සම්මත කරන ලද අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය අනුව කිසිදු පුද්ගලයෙකුට දෙවරකට වඩා එරට ජනාධිපති ධූරය දැරීමට හැකියාවක් නැහැ.
22 වන සංශෝධනය අවලංගු කිරීමට හෝ වෙනස් කිරීමට නම් අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනට් සභාවේ තුනෙන් දෙකක ඡන්දයෙන් මෙන්ම ප්‍රාන්තවලින් හතරෙන් තුනක අනුමැතිය අවශ්‍ය වනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය අවසන් වන විට ඔහුගේ වයස අවුරුදු 82යි මාස 07ක් වනවා.