අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 309 සිට රුපියල් 299 දක්වා රුපියල් 10කින් අඩු කිරීමටයි තීරණය කර ඇත්තේ.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 371 සිට රුපියල් 361 දක්වා රුපියල් 10කින් අඩුකර තිබෙනවා.
ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් නොවෙනස්ව පවතින බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ.
මාධ්_ය_නිවේදනය - 31.03.2025 by nethsound on Scribd