Friday, April 25, 2025

General line - 0115112241

මියන්මාරයේ ජාතික ශෝක සතියක්



මියන්මාරය ජාතික ශෝක සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, භූමිකම්පාවෙන් දිවි ගලවා ගත් අය සොයා ගැනීමේ බලාපොරොත්තු සුන්වී ඇති පසුබිමකයි.

තායිලන්තය සහ චීනයටත් බලපෑ රික්ටර් මාපකයේ 7යි දශම 7ක මෙම භූමිකම්පාවෙන් මියන්මාරයේ 2,000කට වැඩි පිරිසක් මිය ගියා.

අසල්වැසි තායිලන්තයේ, පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් ඇති අතර, බැංකොක්හි ඉරිතලා ඇති ගොඩනැගිලිවලින් දහස් ගණන් ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර මියන්මාරයට බලපෑ භූකම්පනයෙන් පෙර පාසලක ළමුන් 15 දෙනෙකු පමණ මියගොස් ඇතැයි මේ වන විට වාර්තා වනවා.

කෙසේවෙතත් ප්‍රදේශවාසින් පවසන්නේ පාසලේ අවුරුදු දෙකේ සිට හත දක්වා වයසැති දරුවන් 70ක් පමණ සිටි බවයි. එබැවින් මියගිය සංඛ්‍යාව 40 ඉක්මවිය හැකි බවටයි ප්‍රදේශවාසීන් විශ්වාස කරන්නේ.