මහියංගනය, දෙහිඅත්තකණ්ඩිය වැනි ප්‍රදේශ තුළදී නීතිමය රාමුවෙන් එහා ගිය මෙන්තොල් රස ගන්වන ලද දුම්කොළ අඩංගු බීඩි නිෂ්පාදනයක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා
දුම්වැටි කර්මාන්තයේ නිරත සමාගම් පවසන්නේ මෙන්තෝල් රසයෙන් යුත් දුම්වැටි භාවිත කළ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් මෙන්ම තරුණ පරපුර ඉලක්ක කර ගනිමින් මෙන්තොල් රසැති දුම්කොළ අඩංගු බීඩි නිෂ්පාදනය කරන්නට ඇති බව සිතිය හැකි බවයි.
මෙහි ප්‍රධානතම ගැටලුව වන්නේ මේ ආකාරයේ නියාමනයෙන් තොර නිෂ්පාදනයන් හේතුවෙන් රජයට අහිමි වන බදු ආදායම අහිමි වීමයි.
එසේම මෙම බීඩි නිෂ්පාදනය පවතින නෛතික රාමුවෙන් පිටත සිදු වන්නක් හේතුවෙන් මේ පිළිබදව නීතිය බලාත්මක කරනු ලබන ආයතන තම අවධානය යොමු කළ යුතුව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ රජයේ බදු ආදායමෙන් සැලකිය යුතු කොටසක් දුම් වැටි හා මත්පැන් අලෙවියෙන් ලැබෙන අතර පසුගිය මූල්‍ය වාර්තාවන්ට අනුව එම ආදායමේ සුවිසල් අඩුවක් සිදුව ඇති බව දක්නට තිබෙනවා.
විටින් විට මිල ඉහළ යාම, වෙළදපොල තුල පැවති විවිධ නිෂ්පාදන සදහා නීතිමය වශයෙන් ගැටලු මතු වීම, ජාවාරම්කරුවන් විසින් අයථා මාර්ගයෙන් දුම්වැටි හා මත්පැන් විශාල ප්‍රමාණයක් මෙරටට රැගෙන ඒම හා බෙදා හැරීම මෙන්ම ජීවන වියදම වැඩිවීම වැනි කරුණු ඊට බෙහෙවින් බලපානු ලබනවා.
මෙහිදී ඊට හේතු වූ තවත් විශේෂ කරුණක් වන්නේ දේශීය වශයෙන් සිදු වන නෛතික නොවන නිෂ්පාදනයන්ය.
මත්පැන් වලට ආදේශයකයන් ලෙස ග්‍රාමීය වශයෙන් නීත්‍යානුකූල නොවන මත්පැන් හෙවත් කසිප්පු නිෂ්පාදනය හේතුවෙන් බොහෝ දෙනා ඒ වෙන යොමු වන්නට ඇතැයි අනුමාන කළ හැකියි.
එමෙන්ම දුම්වැටි පිළිබඳව සැලකීමේදී ද නීතිමය වශයෙන් පිළිගත් දුම්වැටි භාවිතයෙන් ඉවත්ව අඩු මුදලට අන්තික හා සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ල කළ හැකි දුම්වැටි භාවිතයට බොහෝ දෙනා නැඹුරු වී ඇති බවද පෙනෙන්නන්ට තිබෙනවා.
පාරිභෝගිකයින්ගේ ආර්ථික තත්ත්වය කඩා වැටීම හා අදාල නීත්‍යානුකූල නිෂ්පාදනවල මිල ඉහල මට්ටමක පැවතීමද මීට හේතුවක් වනවා.
ශ්‍රී ලංකාව තුල වසර ගණනාවකදී සිදුකරන ලද සමීක්ෂණයන්ට අනුව බෝධි භාවිතය පසුගිය වසර කිහිපය තුළ ඉහළ ගොස් ඇති ආකාරය අවබෝධ කරගත හැකියි.
2015 වසර වන විට බිඩි බිලියන 3.01 ක් අලෙවි වී ඇති අතර 2023 වසරේදී එය බිලියන 6.51 ක් දක්වා එනම් 100%කට වඩා වැඩි ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බව තහවුරු වන අතර මේ තුළින් රජයට අය කළ හැකි බදු විශාල ප්‍රමාණයක් මගහැරී යන බව තහවුරු වනවා.
වාර්තා වන කරුණු අනුව සමහර බීඩි නිෂ්පාදකයින් නීති විරෝධී හා අයථා ක්‍රම භාවිතයෙන් මෙරටට රැගෙන එන බීඩි කොළ හා දුම්කොළ හේතුවෙන් මීට අදාල නීතිය බලාත්මක කරනු ලබන ආයතන සඳහාද මෙම නිෂ්පාදන නිසි පරිදි නියාමනය කිරීමේ ගැටලුවකට මුහුණ දී තිබෙනවා.
මීට අමතරව බිඩි වලින් විශාල ප්‍රමාණයක් වංචා සහගත ලෙස ඉන්දියාවෙන් හෝ වෙනත් රට වලින් ආනයන කරන අමුද්‍රව්‍යයන්ගෙන් නිෂ්පාදනය කරන අතර එමඟින්ද රටට අහිමිව යන බදු මුදල ඉතා විශාල අගයක් ගනු ලබනවා.
සාමාන්‍යයෙන් බීඩි කර්මාන්තය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ ගෘහ කර්මාන්තයක් ලෙස වන අතර ඒ පිළිබඳව කිසිඳු නියාමනයක් සිදු නොවේ.
ඒවායෙහි තත්ත්වය හෝ ඒවා සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යයන්හි තත්ත්වය පිළිබඳ නිසි ඇගයීමකින් තොරව මෙම නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණෙන අතර අඩු මිල හේතුවෙන් බොහෝ දෙනා මෙම නිෂ්පාදන භාවිතයට පුරුදු වී සිටිනවා.
අලුනින් වෙළෙඳ පොළට හඳුන්වා දී ඇති මෙම මෙන්තෝල් සහිත බිඩි නිෂ්පාදනයද එහිදී වැදගත් වන අතර මෙම මෙන්නෝල් රස සහිත බීඩි නිෂ්පාදනය කළ හැකිද? යොදා ගන්නා අමුද්‍රව්‍ය මොනවාද? කෙතරම් හානිදායකද? යන්න පිළිබදව ඇගයීමක් නොමැති වීම බරපතල තත්ත්වයකි.
එය එසේ වන විට රස ගැන්වු බිඩි නිෂ්පාදනයන්ගේ බලපෑම කෙතෙක් වන්නේ දැයි කිසිවකුට කිව නොහැක.
රටේ ආර්ථිකයට ද මෙහි අහිත කර බලපෑම වන්නේ බදු ආදායමට ඒවා කිසි ලෙසකින් හෝ හසු නොවන බැවිනි.
2023 මැයි මස සිට මෙරට ලියාපදිංචි බිඩි නිෂ්පාදකයින් විසින් බදු ගෙවීම සිදු කරන බවට සඳහන් කළ ද බොහෝ බිඩි නිෂ්පාදකයින් ලියාපදිංචි නිෂ්පාදකයින් නොවීම මත නිෂ්පාදකයින්ගෙන් බදු ලබා ගැනීම කිසිසේත් කළ නොහැක.
මේ නිසා තවත් සුවිසල් බදු ප්‍රමාණයක් එකතු කර ගැනීමේ අවස්ථාව රජයට අහිමි වන අතර නීතීමය නොවන,හානිකර නිෂ්පාදන වැඩි වැඩියෙන් වෙළෙඳ පොලට එක් වනු ලබනවා.
එසේ හෙයින් මේ සඳහා නිසි නියාමන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය වනවා.
මෙහි ඇති තවත් විශේෂත්වයක් නම් රට තුළ ලියාපදිංචි වී නිබු බීඩි කර්මාන්තයේ නියුතු ආයතන 318ක් අතුරින් ආයතන 212 ක් තරම් විශාල ප්‍රමාණයක් තමන්ගේ ලියාපදිංචිය යාවත්කාලීන කිරීමට කටයුතු නොකිරීමයි.
එසේම අනෙකුත් ලියාපදංචි නිෂ්පාදන ආයතන 106 ම පසුගිය වසරේදී කිසිදු බදු මුදලක් ගෙවා නොමැති බවද සුරාබදු වාර්තාවල සඳහන්ය.
කිසිඳු නියාමනයකින් තොරව ක්‍රියාත්මක වන මෙම කර්මාන්තය රටේ ආර්ථිකයකට දායක වනවාට වඩා වෙනත් අන්තික වව්‍යාපාරයන් රට තුළ ව්‍යාජන කිරීමට කටයුතු කරමින් සිටින බවක් පෙනෙන්නට තිබෙනවා.
ඒ හේතුවෙන් වසරක් තුල ඔවුන් රටට අහිමි කර ඇති බදු ප්‍රමාණය විශාල අගයක් ගනු ලබනවා.
මෙය සුරාබදු හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට මෙරට ලියාපදිංචි මත්පැන් නිෂ්පාදන ආයතනයන් ද කෝට 715ක බදු ගෙවීම පැහැර හැර ඇති අතර, රා නිෂ්පාදකයින් 13ක් දෙනෙකු රුපියල් ලක්ෂ 62ටත් වඩා වැඩි බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව එම වාර්තාවල සඳහන් වන්නේ.
ඊට අමතරව මේ ආකාරයේ නීති වීරෝධී හා ප්‍රමිතියකින් තොර කිසිඳු නියාමනයක් නොමැති නිෂ්පාදනයන් වෙත පාරිභෝගිකයින් යොමු වීම අවම කිරීමටත්, 1999 අංක 08 දරණ දුම්කොළ බදු පනත හා 2006 අංක 27 දරණ ජාතික අධිකාරී පනත් අනුව දුම්කොළ නිෂ්පාදනය හා මධ්‍යසාර නිෂ්පාදනය නීතිය ක්‍රියාත්මක කිරීමත්, රටක නිරසාර පැවැත්මට දායක වනවා.
රටක් ලෙස සියලුම පරිමාණයේ ව්‍යවසායකයින් ආරක්ෂා කිරීම කළ යුතු අතර එහෙත් අනවසර, නීත්‍යානුකූල නොවන හෝ මිනිසාට බෙහෙවින් හානිකර, කිසිඳු නියමනයක් නොමැති ව්‍යාපාරයන් රටක ආර්ථිකයට කිසිඳු දායකත්වයක් නොදක්වන එය මානව පැවැත්මට ද නර්ජනයකි.
එහෙයින් එවැනි ව්‍යාපාරයන් පිටු දකිමින් පාරිභෝගික අවශ්‍යනා වෙනුවෙන් නීතිමය විකල්පයන් අනුගමනය කිරීම සඳහා රජය ව්‍යාපාරික ප්‍රජාව බලගැන්වීම අනිශය වැදගත් වන බවයි මෙම කණ්ඩායම් සඳහන් කර සිටින්නේ.