වැලිකඩ පොලීසිය භාරයේ සිටියදී සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ධූරයෙන් ඉවත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින් එම නිර්දේශ ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කිරීම සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය වෙත අද යොමු කෙරුණා.
එම සිදුවීමේදී තම රාජකාරිය පැහැරහරින ලද බවට නිරීක්ෂණය වූ පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ ද වැඩ තහනම් කිරීමට ද කටයුතු කර තිබෙනවා.
පසුගිය පළමුවනදා රාත්‍රියේ දී නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සිටි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව රෝහල්ගත කිරීමෙන් පසු මිය ගියා.
එම සිද්ධියට අදාළව විමර්ශන කටයුතු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ 30කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන තිබුණ ද ඔහුට පහරදීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් ඉදිරිපත් නොවූ බවයි වාර්තා වන්නේ.
එම සිද්ධියට අදාල සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීම සඳහා වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා එම ධූරයෙන් ඉවත් කිරීම හා තවත් නිලධාරින් දෙදෙනෙකු රාජකාරී වැඩ තහනමට ලක් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.