Monday, April 7, 2025

General line - 0115112241

 පුංචි ඡන්දයට අදාළ නිල ඡන්ද රක්ෂිත පැකට්ටු භාර ගැනීම අද සිට



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නිල තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාර ගැනීම අද දිනයේ සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු ලබන16 වනදා සිට ලබන 29 වනදා දක්වා සිදු කිරීමට නියමිත බවයි තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසුවේ.


නිල ඡන්ද පත්‍රිකාව මැතිවරණ දිනයට පෙර තම නිවස වෙත නොලැබුණහොත් අන්‍යන්‍යතාවය තහවුරු කර තැපැල් කාර්යාලයෙන් එය ලබාගන්නා ලෙසයි තැපැල්පති රුවන් සත්කුමාර මහතා වැඩිදුරටත් පැවසුවේ.


මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේ සිට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අවසන් වන තෙක් ඔවුන්ගේ නිවාඩු එලෙස අවලංගු කර ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.