පළාත් පාලන මැතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 09ක් ලැබී ඇති බව පොලීසිය පවසනවා.
ඉන් එක් පැමිණිල්ලක් ලැබී ඇත්තේ තිස්සමහාරාමය පොලිස් ස්ථානය වෙතයි.
වට්ස්ඇප් මාර්ගයෙන් බැන, තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පැමිණිල්ල ලැබී ඇති බවයි පොලීසිය පැවසුවේ.
පෝස්ටර් සහ කටවුට් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් තවත් පැමිණිල්ලක් බදුරලිය පොලීසිය වෙත ලැබී තිබෙනවා.
එමෙන්ම දන්සලක් පැවැත්වීම සම්බන්ධයෙන් ද එම පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී ඇති බවයි පොලීසිය පැවසුවේ.
කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත ද මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
ඒ, යතුරුපැදි පෙළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
මැතිවරණ නීති උල්ලංඝණය වන අන්දමින් මැතිවරණ ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමට අදාළව මතුගම පොලිස් ස්ථානය වෙත ද පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
එමෙන්ම ජල ව්‍යාපෘතියක් මගින් පක්ෂයක් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් තවත් පැමිණිල්ලක් ලැබී ඇත්තේ අළුත්ගම පොලිස් ස්ථානය වෙතයි.
නීති විරෝධී මැතිවරණ පෝස්ටර් ඇලවීම සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත ද පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
එමෙන්ම පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් කැලණිය සහ රාගම පොලිස් ස්ථාන වෙතද පැමිණිලි දෙකක් ලැබී ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසුවා.
කෙසේවෙතත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා දැක්වූයේ මෙවන් අදහසක්.