Tuesday, April 8, 2025

General line - 0115112241

තවත් සියයට පනහක බද්දක් පනවන බවට අමෙරිකාවෙන් චීනයට අනතුරු ඇඟවීමක්



සියයට 50ක නව තීරුබදු පනවන බවට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. 

ඒ, අමෙරිකාව පැනවූ බදුවලට එරෙහිව චීනය විසින් අමෙරිකාවෙන් ආනයන කරන භාණ්ඩ සඳහා නව තීරුබදු පැනවීමට ප්‍රතිචාර දක්වමින්. 

අමෙරිකාව විසින් චීන භාණ්ඩ සඳහා සියයට 34ක බද්දක් ඉකුත් දා පනවනු ලැබුවා. 

ඊට ප්‍රතිචාර වශයෙන් චීනය ද පෙරලා අමෙරිකානු භාණ්ඩවලට සියයට 34ක බද්දක් පැන වූවා. 

එම බදු ඉවත් නොකලහොත් චීන භාණ්ඩ සඳහා සියයට 50ක නව තීරුබදු පනවන බවයි අමෙරිකාව දැන් අනතුරු අඟවා ඇත්තේ. 

එසේ වුවහොත් චීනයේ ඇතැම් භාණ්ඩ සඳහා පැනවෙන බදු ප්‍රමාණය සියයට 104ක් වනු ඇති. 

ඉකුත් මාර්තු මාසයේදී අමෙරිකාව විසින් චීන භාණ්ඩ සඳහා සියයට 20ක බද්දක් පැන වූ අතර ඉකුත් සතියේ තවත් සියයට 34ක බද්දක් පනවනු ලැබුවා.