Sunday, April 13, 2025

General line - 0115112241

හික්කඩුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට



හික්කඩුව පොලිස් වසමේ කුමාරකන්ද ප්‍රදේශයේ මාර්ගය අසල නිමි ඇඳුම් වෙළෙඳසැලක් ආසන්නයේ රැඳී සිටි කාන්තාවකට හා පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධය ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

හික්කඩුව පොලිස් වසමේ ගිනිමැල්ලගමහ ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. 

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23ක් වන ගෝනපීනුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

පසුගිය 03 වන දින හික්කඩුව පොලිස් වසමේ කුමාරකන්ද ප්‍රදේශයේ මාර්ගය අසල නිමි ඇඳුම් වෙළඳසැලක් ආසන්නයේ රැඳී සිටි කාන්තාවකට හා පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබන ලද අතර ඔවුන් දෙදෙනා බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත් වුණා.