පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය මැතිවරණ කොමිෂන් සභාව වෙත මෙතෙක් ලැබී නොමැති බවට වාර්තා වනවා.
ඒ අනුව එම නියෝගය ලැබෙන තෙක් නියමිත පරිදි මැතිවරණයට අදාළ කටයුතු පවත්වාගෙන යාමටයි එම කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ.
එවන් පසුබිමක් තුළ මැතිවරණ නීති ද තවදුරටත් බලාත්මක බව එම කොමිෂන් සභාව පැවසුවා.
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ඊයේ දිනයේදීයි.
ඒ අතරට හාරිස්පත්තුව, පන්විල, පාතදුම්බර, උඩ පළාත, කුලියාපිටිය යන ප්‍රාදේශීය සභාද අයත්.
සිය නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කිහිපයක් ඉදිරිපත් කළ රිට් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කළා.
මේ අතර අමාත්‍යංශය ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් අද පස්වරු 01.30ට මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.
එමෙන්ම ව්‍යවස්ථාපිත මණ්ඩලවල ආයතන ප්‍රධානීන් ද පස්වරු 03.00ට කැඳවා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඉදිරි කටයුතු සහ රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.