ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අත්සන් කළ ගිවිසුම් සම්බන්ධයෙන් ආණ්ඩුව අද පාර්ලිමේන්තුව හමුවේ කරුණු පැහැදිලි කළා.
මේ, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා.
ඉන්දියාවෙන් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් කළ ඉල්ලීම් පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළා.
මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.
තමන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා අදහස් පළ කළේ මෙලෙසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසුවේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ලබාදුන් බවයි.
මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සහ මෙරට සිදු වූ විවිධ වංචා සම්බන්ධයෙන් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ කළා.