Sunday, April 13, 2025

General line - 0115112241

රුපියල් මිලියන 120කට අධික කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට



කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු කිලිනොච්චියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය සමග කිලිනොච්චිය උඩුත්තුරෙයි මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදීයි. 

එම මෙහෙයුමේදී කේරළ ගංජා කිලෝ 304යි ග්‍රෑම් 600ක් සමග ඩිංගි යාත්‍රාවක් සොයා ගත් බවයි නාවික හමුදාව පැවසුවේ. 

එලෙස සොයා ගත් ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 121කට ආසන්න බවද නාවික හමුදාව පැවසුවා. 

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 41ක් වන මුල්ලියාන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

සැකකරු සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මරදන්කේනී පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කළ බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.