Sunday, April 13, 2025

General line - 0115112241

පිරිමි ළමයෙකුට ලිංගික අතවර කිරීමේ සිද්ධියේ සැරයන්වරයාගේ වැඩ තහනම්

ශ්‍යාමන් ජයසිංහ



13 හැවිරිදි පිරිමි ළමයෙකුට ලිංගික අතවරයක්  සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර සිටි මොරන්තුඩුව පොලිසියේ සැරයන්වරයාගේ රාජකාරී වැඩ තහනම් කළ බව  පානදුර කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කරනු ලැබුවා. 

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ මොරන්තුඩුව පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ රාජකාරී නියතු සැරයන්වරයෙකු වන අතර ඉකුත් මාර්තු මස අතවරයට පත් දරුවා බත් පාර්සලයක් රැගෙන නිවසට යමින් සිටියදී සැකකාර සැරයන්වරයා නුගගොඩ පාලම අසල ඇති ලී මඩුවක් තුළට දරුවා අඬ ගසාගෙන ගොස් කන්දෙකට අතින් පහරදී ලිංගික අතවර කළ බවත් අනතුරුව රැගෙන ගිය බත් පාර්සලේ ලිහා පෑනෙන් කුරුටුගෑ බවට සඳහන් කරමින් දරුවාගේ මවගේ සහෝදරිය පසු ගිය මාර්තු මස 27 වෙනි දින පානදුර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ  කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකාර සැරයන්වරයාව මෙම මස 01 වෙනි දින අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇත. 

එම නඩුව 2025.07.01 දින කැඳවීමට නියම කර තිබෙනවා.

එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් සැරයන්වරයාගේ රාජකාරී වැඩ  පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා විසින් තහනමට ලක්කර ඇත.