අල්ලස හා දූෂණය තුරන් කිරීම ඊළඟ පරම්පරාවට භාර නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කළේ අල්ලස හා දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම දේශපාලන පළිගැනීමක් නොව මානුෂීය යුතුකමක් බවයි. දූෂිත නිලධාරීන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ.
ඒ, ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම 2025-2029 එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.
අල්ලස හා දූෂණය නැමැති අපරාධයෙන් දේශපාලන යාන්ත්‍රණය මුදා ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බැවින්, නිලධාරි යාන්ත්‍රණයද කඩිනමින් නිවැරදි මඟට පැමිණිය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
ගමේ බොරලු පාරෙන් ආරම්භ වූ අල්ලස හා දූෂණය පුරවැසියාගේ දෑස් අන්ධ වන ඖෂධ ගෙන ඒම දක්වාත්, සරල තැනින් ආරම්භ වූ අල්ලස හා දූෂණය අතිශය අමානුෂිකත්වය දක්වාත්, ප්‍රාදේශීය සභාවේ සිට මහ බැංකුවෙහි සොරා කන තත්ත්වය දක්වාත් පැතිර තිබෙන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසුවේ.
“ජාතික දූෂණ විරෝධී 2025-2029 ක්‍රියාකාරි සැලැස්ම” මගින් රට “සුපිළිපන් දේශයක් කරා” ගෙන යාම අරමුණයි.
ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රමුඛ සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක නිර්මාණය කර ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එය නිරීක්ෂණය කළ හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම රජයේ සැලැස්මයි.