අමෙරිකාවෙන් ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා සියයට 84ක තීරුබදු පැනවීමට චීනය තීරණය කර තිබෙනවා.
නව ගාස්තු අප්‍රේල් 10 වන දින සිට ක්‍රියාත්මකයි.
ඉකුත් මාර්තු මාසයේදී අමෙරිකාව විසින් චීන භාණ්ඩ සඳහා සියයට 20ක බද්දක් පැන වූ අතර ඉකුත් සතියේ තවත් සියයට 34ක බද්දක් පනවනු ලැබුවා.
ඊට ප්‍රතිචාර වශයෙන් චීනය ද පෙරලා අමෙරිකානු භාණ්ඩවලට සියයට 34ක බද්දක් පැන වූවා.
ඊට ප්‍රතිචාර ලෙස චීන භාණ්ඩ සඳහා තවත් සියයට 50ක නව තීරුබදු පැනවීමට තීරණය කළ අතර ඒ අනුව අමෙරිකානු බදු ප්‍රමාණය සියයට 104ක් දක්වා ඉහළ ගියා.
ඉන් පසුවයි චීනය අද අමෙරිකාවෙන් ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා සියයට 84ක තීරුබදු පැනවීමට තීරණය කළේ.
අමෙරිකාවේ මෙම බදු තීරණය හේතුවෙන් ලොව පුරා කොටස් වෙළඳපොළ රැසක අගයන් අද කඩා වැටුණා.