වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් රැසකට ප්‍රකාශයට පත්කරනු ලැබූ තීරු බදු පැනවීම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්හිටුවා තිබෙනවා.
දින 90ක කාලයක් සඳහා එලෙස එම තීරුබදු පැනවීම අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
කෙසේවෙතත් චීන ආනයන සඳහා අමෙරිකාව විසින් පනවනු ලැබූ සියයට 104ක තීරු බද්ද සියයට 125ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
චීන මුදල් අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කළේ අමෙරිකානු ආනයන සඳහා සියයට 84ක තීරු බද්දක් පනවන බවයි.
ඒ අනුව චීනයේ එම තීරණයට පිළිතුරු ලෙස අමෙරිකාව එලෙස තීරු බදු ප්‍රතිශතය සියයට 125ක් දක්වා ඉහළ දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.