Sunday, April 13, 2025

General line - 0115112241

අමෙරිකානු බද්දෙන් බේරෙන්න ලංකාවට ඉඩක් ඇත්තෙම නැද්ද?



අමෙරිකානු බදු සම්බන්ධයෙන් පියවර ගැනීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 

ඒ, පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්. 

අමෙරිකාව පැනවූ බදුවලට අමතරව වෙනත් ගැටලු රැසකට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ. 

ඊට ප්‍රතිචාර දක්වමින් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ අමෙරිකාව පැනවූ බදු සම්බන්ධයෙන් මැදිහත් වීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.

මේ අතර පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පැවසුවේ සියයට 18ක වැට් බද්ද අඩු කිරීමට සැලසුමක් ඇති බවයි. 

ඉදිරියේදී ව්‍යාපාරිකයින් සඳහා නව බදු සහන ලබා දෙන බවයි මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසුවේ.