Sunday, April 13, 2025

General line - 0115112241

ඇතැමුන්ගේ ආදායම් මාර්ග ඉහළ යාමට හේතුව පොහොට්ටුව හෙළි කරයි



රජයේ වැඩපිළිවෙළ ඩිජිටල් ක්‍රියාවලියට ලක් නොවීම හේතුවෙන් එහි අයුතු ප්‍රතිලාභ ඇතැමුන් බුක්තිවිඳින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසනවා. 

ඒ අනුව ඇතැමුන්ගේ ආදායම් මාර්ගයද ඉහළ ගොස් ඇති බවයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහන එක්වෙමින් ඔහු පැවසුවේ. 

වියදම් කප්පාදුවේදී මෙන්ම ආදායම් ඉහළ දමා ගැනීමේදීද ආණ්ඩුව ඉතා කල්පනාකාරී විය යුතු බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.