අප්‍රේල් 15 වනදා රජයේ නිවාඩු දිනයක් බවට පත් කළ බවට රජය විසින් කිසිදු නිල නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් එච් එස් කේ ජේ බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින්.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් “අප්‍රේල් 15වනදා නිවාඩු දිනයක් බවට පත් කෙරේ” යන මාතෘකාව සහිතව ව්‍යාජ ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍යවල මේ වන විට සංසරණය වනවා.
එම ප්‍රවෘත්තිය ව්‍යාජ ලෙස සකස් කරන ලද්දක් බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ.
මේ අතර අප්‍රේල් 15 වනදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන්නේදැයි මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්.