මෑත කාලීනව මතුවී ඇති විදේශීය කම්පනය සහ පවතින වර්ධනයන් තවමත් ආර්ථික අර්බුදයෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින ශ්‍රී ලංකා ආර්ථිකයට අවිනිශ්චිතතාවක් ඇති කරමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
ගෝලීය කම්පනයේ බලපෑම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබන වැඩසටහනේ පරාමිතීන් තුළ ශ්‍රී ලංකාවට එහි බලපෑම අවම කරගත හැකි ආකාරය තක්සේරු කිරීමට තවත් කාලය අවශ්‍ය බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ.
ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යේෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී එවන් පපාජෝර්ජියෝ ඇතුළු කණ්ඩායම විසින් මෑතකදී සිදු කළ ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ මේ බව දැක්වෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම මගින් සහය දක්වන ශ්‍රී ලංකාවේ ඉහළ අපේක්‍ෂා සහිත ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අනුව අඛණ්ඩව ප්‍රශංසනීය ප්‍රතිඵල ලබා දෙන බවද අදාළ නිවේදනයේ සඳහන්.
අර්බුදකාරී කාල පරිඡේදයෙන් අනතුරුව 2024 වසරේදී ආර්ථික වර්ධනය සියයට 5ක් දක්වා ළඟාවීම සතුටුදායක බවද මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.