Sunday, April 13, 2025

General line - 0115112241

වැලිගම වෙඩිතැබීම ගැන CIDය හිටපු ඇමති රොෂාන්ගෙන් ප්‍රශ්න කරයි

නිරෝෂන්



හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද අපරාධ පරීක්‍ෂණ දොපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා. 

ඒ, වැලිගම ඩබ්ලිව් 15 හෝටලය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. 

සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් මුදල් ගෙවා ඇත්ද යන්න සම්බන්ධයෙන් ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් එහිදී ප්‍රශ්න කර තිබෙනවා. 

මේ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාද අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා. 

ඒ, ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. 

පැයකට ආසන්න කාලයක් එම ප්‍රකාශය ලබා දීමෙන් පසු හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා.