Sunday, April 13, 2025

General line - 0115112241

අමෙරිකාව ලබා දුන් දින 90 බදු විරාමයෙන් ප්‍රයෝජන ගන්න හැටි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වයි



අමෙරිකාව විසින් ආනයනික භාණ්ඩ සඳහා පැනවූ බදු අයකිරීමට ලබා දුන් තාවකාලික විරාමය මෙරට ආර්ථිකයට ලැබුණු යහපත් අවස්ථාවක් බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. 

නෙත් නිවුස් සිව්වෙනි මානය වැඩසටහනට එක්වෙමින් ඇඩ්වකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ අදාළ බදු පැනවීම මගින් ශ්‍රී ලංකාවට මුහුණපෑමට සිදු වන ගැටලු විසඳා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට මෙය අවස්ථාවක් කරගත යුතු බවයි.  


ආර්ථික සහ ආයෝජන අංශයේ උපදේශකවරයෙකු වන වරලත් ගණකාධිකාරී අමරසේන අතුකෝරළ මහතාද මෙම වැඩසටහනට එක්වුණා.


මෙම වැඩසටහනට එක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහචාර්ය සුරංග සිල්වා මහතා පැවසුවේ අමෙරිකාව ගෝලීය ආර්ථිකයට මෙවැනි බලපෑමක් එල්ල කළ දෙවන අවස්ථාව මෙය බවයි.