Sunday, April 13, 2025

General line - 0115112241

ට්‍රම්ප්ගේ බදු නිසා අමෙරිකාවේ කෝපි කෝප්පයක මිලත් ඉහළට



ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් අමෙරිකාවේ වෙළඳසැල්වල කෝපි මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. 

අපේ්්‍රල් 05 වනදා සිට කෝපි ආනයනය කරන රටවලට පනවා ඇති තීරුබදු ඊට බලපා තිබෙනවා. 

අමෙරිකාව වාර්ෂිකව ඩොලර් බිලයන සියයක පමණ මුදලක් කෝපි ආනයනය සඳහා වැය කරනවා. 

ඉන් වැඩිම ප්‍රමාණයක් ආනයනය කෙරෙන්නේ බ්‍රසීලයෙන් සහ කොලොම්බියාවෙන්. 

2020 වසරට සාපේක්‍ෂව මේ වන විට අමෙරිකානු වෙළඳපොළේ කෝපි මිල ඩොලර් තුනකින් පමණ වැඩි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 

අමෙරිකානු ජනාධිපතිවරයා විසින් රටවල් රැසකට පැනවූ තීරුබදු තාවකාලිකව අත්හිටුවා තිබුණද දැනටමත් අමෙරිකානු වෙළඳපොළේ සියලු පාරිභෝගික භාණ්ඩවල මිල ගණන්ද ඉහළ ගොස් ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා අනාවරණ කළා.