කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය තොගයක් දිවයිනට රැගෙන ආ පුද්ගලයන් තිදෙනෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා .
ඒ ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන නිලධාරීන් කණ්ඩායමක් විසින්.
ශ්‍රී ලාංකික ජාතිකයින් වන එම සැකකරුවන් තිදෙනා සිය ගමන් මලු වල ඉතා සුක්ෂම ලෙස සඟවා එම මත්ද්‍රව්‍ය දිවයිනට රැගෙන විත් ඇත්තේ බැංකොක් සිටයි.
ඔවුන්ගේ ගමන් මළු වල තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1,616 ක් සහා හෂිෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1,762 ක් සොයා ගෙන තිබෙනවා
එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 45කට ආසන්න වන බවයි ශ්‍රී ලංකා රේගුව පැවසුවේ.
සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනිත් සැකකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වනවා
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතයි.