Friday, April 18, 2025

General line - 0115112241

පන්ජාබ් කිංග්ස්ලෙවන් කණ්ඩායමෙන් නව වාර්තාවක්



ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ නව වාර්තාවක් තැබීමට පන්ජාබ් කිංග්ස්ලෙවන් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. 

ඒ, මෙතෙක් අයි පී එල් ඉතිහාසයේ කණ්ඩායමක් විසින් අඩුම ලකුණු සංඛ්‍යාවක් රැස්කර එය ආරක්ෂා කර ගනිමින් තරඟයක් ජයගත් පළමු අවස්ථාව සටහන් කරමින්.
 

මෙම තරඟය පැවැත්වුණේ පන්ජාබ් කිංග්ස්ලෙවන් කණ්ඩායම හා කොල්කටා නයිට්ට්‍රයිඩර් කණ්ඩායම අතරයි. 

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පංජාබ් කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 111කට දැවී ගියා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 95කට සීමා කිරීමට පංජාබ් පන්දු යවන්නන් සමත් වුණා.
 

මීට පෙර කණ්ඩායමක් විසින් අඩුම ලකුණු සංඛ්‍යාවක් රැස්කර එය ආරක්ෂා කර ගනිමින් තරඟයක් ජයගත් අවස්ථාවක් වාර්තාවුණේ 2009 වසරේදී. 

එහිදී චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම ලකුණු 116ක් පමණක් රැස්කර ගනිමින් එය ආරක්ෂා කර තරඟය ජයගෙන තිබුණා.