Wednesday, April 16, 2025

General line - 0115112241

තවත් මැතිවරණ පැමිණිලි 45ක් මැතිවරණ කොමිෂන් සභාවට



එළඹෙන පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 1,334ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

ඉන් පැමිණිලි 1,245ක් ලැබී ඇත්තේ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළවයි. 

පැමිණිලි 82ක් වෙනත් පැමිණිලි යටතේ ලැබී තිබෙනවා. 

පසුගිය 13 වන දිනෙන් අවසන්  වූ ගත වූ පැය 24ක කාලය තුළ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 45ක්. 

එම පැමිණිලිද ලැබී ඇත්තේ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව සහ වෙනත් පැමිණිලි යටතේයි. 

ඒ අනුව මෙතෙක් ලැබී ඇති මුළු පැමිණිලිවලින් 1,199ක් විසඳා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ. 

පැමිණිලි 135කට අදාළව මේ වන විටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ.