අවුරුදු සමය එළඹීමත් සමග සංචාරකයින් සඳහා හඳුන්වා දුන් දුම්රියෙන් ඉහළ ආදායමක් ඉපයීමට හැකි වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ නානුඔය සිට ඇල්ල දක්වා ධාවනය වූ කැලිප්සෝ දුම්රියෙන් ඊයේ දිනයේදී පමණක් ලක්ෂ 21 ඉක්මවූ ආදායමක් ඉපයීමට දුම්රිය දෙපාර්තමේන්තුවට හැකි වූ බවයි.
කොටුව දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා මේ බව පැවසුවා.