එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ, අප්‍රේල් මස 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදියි.
ඒ අනුව දේශීයව නිපදවන දියර කිරිවල නැවුම් කිරි අවම වශයෙන් සියයට 50ක් අඩංගු විය යුතු බවටයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසුවේ.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වුණේ පසුගිය අප්‍රේල් 09 වන දිනයි.
පනත් කෙටුම්පත ඉකුත් 11 වනදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් සිය සහතිකය සටහන් කරනු ලැබුවා.
ඒ අනුව අදාළ පනත එදින සිට බලාත්මක බැවින් බදු සංශෝධනයන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමටයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.
දියර කිරි සහ යෝගට්වලට අමතරව විදුලි ජනනය සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට සපයන නැප්තා සඳහා වන වැට් බද්ද ද ඉවත් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
එකතු කළ අගය මත බදු සංශෝධන නව පනතට අනුව අනේවාසික පුද්ගලයින් විසින් සපයනු ලබන ඩිජිටල් සේවාවන් සඳහා වැට් බදු පැනවීමටයි තීරණය කර ඇත්තේ.
ඒ අනුව ඔක්තෝබර් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අනේවාසික පුද්ගලයින් විසින් විද්‍යුත් වේදිකා හරහා ශ්‍රී ලංකාවේ පුද්ගලයින්ට සපයනු ලබන සේවාවන්වලට වැට් බද්ද අදාළ වනවා.
වාණිජ අරමුණු සඳහා භාණ්ඩ ආනයනය කරන හෝ අපනයනය කරන සියලුම පුද්ගලයින් එකතු කළ අගය මත බදු සංශෝධන පනතේ ලියාපදිංචි වීම ද අනිවාර්යය කර ඇති බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
VAT Act Amendment Notice 2025 S by nethsound on Scribd