අමෙරිකානු තීරුබදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ලක්ෂ 10කගේ පමණ ජීවිතවලට බලපෑම් එල්ල විය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ලක්ෂ තුනකට අධික පිරිසකගේ රැකියාවලට මෙම තීරුබදුවලින් ඍජු බලපෑමක් එල්ල විය හැකි බවයි.
සමගි ජන බලවේගයේ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් පැවති සාකච්ඡා ඇණහිට ඇති බවත් මැතිවරණයෙන් පසු යළි එම සාකච්ඡා ආරම්භ කරන බවත් ඔහු පැවසුවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.