ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට හදිසි කැඳවීමක් ලැබී තිබෙනවා.
ඒ, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමෙන්.
එම කණ්ඩායමට ක්‍රීඩා කළ ග්ලේන් පිලිප්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට තරඟාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.
ඒ අනුව ග්ලේන් පිලිප්ස් වෙනුවට දසුන් ශානක ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ඇතුළත් කර ගැනීමටයි එම කණ්ඩායමේ හිමිකරුවන් තීරණය කර ඇත්තේ. දසුන් ශානක මීට පෙර 2023 අයි පී එල් තරඟාවලියේදීද ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.