ඉක්මන් ප්‍රගතියක් නොලැබුණහොත් යුක්‍රේන සාම සාකච්ඡා සඳහා සිදු කරන මැදිහත්වීම අත්හරින බව අමෙරිකාව පවසනවා.
සාම සාකච්ඡා සඳහා එළඹිය හැකිද යන්න සම්බන්ධයෙන් දින කිහිපයක් ඇතුළත කඩිනම් තීරණයක් ගත යුතු බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසා තිබෙනවා.
එය සිදු නොවන්නේ නම් අප ඉදිරියට යා යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.
යුරෝපීය නායකයන් සමග ප්‍රංශයේ පැවති රැස්වීමකින් අනතුරුව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම අදහස් පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.